Chulan Kumara Rathnayake

මාගේ දේශපාලන ප්‍රවේශය

රත්නායක මුදියන්සේලාගේ චූලන් කුමාර රත්නායක වන මම මහනුවර දිස්ත්‍රික්කයේ උපත ලබා දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, එප්පාවල, ඉහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ ගම් 13 ට නැදෑකම් කියමින් වාසය කරමි. උසස් අධ්‍යාපනයෙන් පසු ව වසර 25 ක කාලයක් රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු, ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙකු මෙන් ම, ව්‍යවසායකයෙකු ලෙසත් ශ්‍රී ලාංකීය ගෙන්දගම් පොළොව තුළ කටයුතු කරමි. ශ්‍රී ලංකාවට රාජ්‍ය භාෂා ප්‍රවර්ධනය මෙන් ම අනෙකුත් ජාත්‍යන්තර භාෂාවන් ඉගැන්වීමේ හා වෘත්තීය අධ්‍යාපනයේ පුරෝගාමී ආයතනයක් වන නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනයේ සභාපතිවරයා (Institute of Official Languages and Professional Studies – IOLPS) වශයෙන් ද කටයුතු කරමි. එසේ ම, ශ්‍රී ලාංකේය තාරුණ්‍ය ජාත්‍යන්තරය හා සම්බන්ධ කරන දකුණු කොරියාව මුල් කර ගත් රටවල් 45ක් පුරා ක්‍රියාත්මක, “තිරසර සංවර්ධනයක් සඳහා වූ ජාත්‍යන්තර තරුණ සංවිධානයේ” (SDG Youth International) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කරමි. එසේම,  ශ්‍රී ලංකා විදෙස් වත්කම් කළමනාකරණ ඒජන්සිය හෙවත් (Ceylon Foreign Assets Management Agencies) හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරමි. මෙම ආයතනය ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන රැගෙන ඒම අරමුණු කොට මෙන් ම විදෙස් රැකියා සපයන ආයතනයක් ලෙස ද කටයුතු කරයි.  එපමණක් නොව, සිසුන් 100 දෙනෙකුට නේවාසික පහසුකම් සමඟ නිදහස් හරිත පරිසරයක් තුළ ඉගෙන ගැනීමට පහසුකම් සපයා ඇති ග්‍රීන් විලේජ් කැම්පස්හි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ද කටයුතු කරමි. මෙසේ මා හට ඇති අත්දැකීම් හා පළපුරුද්ද දියුණු වීමට කැමැති, ස්වයං ව නැගී සිටීමට උත්සාහ කරන ශ්‍රී ලාංකේය ජනතාව වෙත ලබා දීමට අපේක්ෂිතයි. එසේම, ශ්‍රී ලාංකේය තාරුණ්‍ය ජාත්‍යන්තරය හා සම්බන්ධ කරන සුහද මිතුරෙකු ලෙස කටයුතු කිරීමට ද බලාපොරොත්තු වෙමි.

චූලන් කුමාර රත්නායක

අපේක්ෂක

දැක්ම

තමන් සමඟ පමණක් තරග කරන අභියෝග හමුවේ බිඳ නොවැටෙන මනුස්සයෙකු වීම.

මෙහෙවර

 මනුස්සයෙකු ලෙස ජීවිතය තුළ මුහුණ දෙන අභියෝග උපේක්ෂාවෙන් දරාගනිමින් , එම අභියෝග සාර්ථකව ජය ගෙන, තමන් සමඟ පමණක් තරග කර ලබා ගන්න වූ අත්දැකීම් හා ජයග්‍රහණ සමාජයේ අන් අයගේ යහපත වෙනුවෙන් නව නිර්මාණ ලෙස ඉදිරිපත් කිරීම.

රටෙන් මා ලද දෙයට මගෙන් රටට යමක්.

මම නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ මනුස්සයෙක් වෙමි. මා අධ්‍යාපනයෙන් පෝෂණය කිරීමට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකු ම සුළුවෙන් හෝ දායක වී ඇත. දැන් කාලය උදා වී ඇත්තේ රටෙන් මා ලද දෙයට මගෙන් රටට යමක් ලබා දිය යුතු මොහොතටයි. මාගේ මෙම දේශපාලන ප්‍රවේශය සිදු වන්නේ රටට වගකියන, යුතුකම ඉටු කරන පුරවැසියන් බිහිකරන එක් ආදර්ශයක් වීම බව සටහන් කරමි.

මාගේ දේශපාලන ප්‍රවේශය සඳහා ව්‍යවසායක දිලිත් ජයවීර මැතිතුමාගේ “සර්වජන බලය” පක්ෂය සහ එහි ප්‍රතිපත්ති ගැළපීම සිදු වී ඇති බැවින් එම බල කඳවුර හරහා මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයට සර්වජන බලයේ පදක්කම සංකේතය හා අංක 09 යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා තරග වදිමි.

සර්වජන බලය පක්ෂයේ ප්‍රතිපත්තිවලට අමතර ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ඇති ගැටලු විසඳීම සඳහා මට කළ හැකි හා මැදිහත් විය හැකි වැඩ පිළිවෙලක් මේ සමඟ ඉදිරිපත් කරන අතර එම වැඩපිළිවෙල මා ඡන්දයෙන් තෝරා පත් කර ගැනීම හෝ නොගැනීම මත නතර නොවන මාගේ පෞද්ගලික හැකියාව, සබඳතා හා මැදිහත්වීම මත ඉටු කිරීමට කටයුතු කරන බව ද මෙහිදී නිහතමානී ව සඳහන් කරමි.

මාගේ වැඩපිළිවෙල

අපේ ස්වෙච්චා සේවකයා

අපේ වැඩපිළිවෙලට සහයෝගය දී මැතිවරණය ජයග්‍රහණය කරන්න.

අපි කතා කරමු

දුරකථනය : +94 71 6 77 77 57
Whatsapp : +94 71 6 88 27 77

ඊමේල් සහය

info@chulan.lk

ස්වෙච්චා සේවක